You can find all of the translated teachings on (https://www.youtube.com/user/BuddhistSocietyWA/playlists). We are apologise, due to difficulties they are not all available on the website.
පිටත අවකාශය සහ ඇතුලත අවකාශය | අජාන් බ්‍රහ්ම් | 02-01-2015
2015 වර්ෂයේ පලමු දේශණය ලෙසට අජාන් බ්රහ්ම් තෙරුන් වහන්සේ තොරා ගත්තේ පිටත සහ ඇතුලත අවකාශ ගැනයි. උන්වහන්සේගේ අවවාදය හිස් අවකාශ අගය කිරිමට අප ඉගෙන ගතයුතු බවයි. Translated by the Ajahn Brahm Society of Sri Lanka.
අවිනිශ්චිතතාව අගය කරන්න
අජාන් බ්රහ්ම් කථා පෙළක් ඇසුරින් ජීවිතයේ අවිනිශ්චිතාව සහ ව්යාකුලත්වය සමඟ කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි කරනවා. ඒවාගේම අනාගත පුරෝකථනයන්හී වටිනාකමක් ඇත්දැයි විමසනවා. අජාන් බ්රහ්ම් සමාජය, ශ්රී ලංකාව Recorded on the 29 December 2017 “Celebrating Uncertainty” Copyright Buddhist Society of Western Australia
නිදහස සන්තුෂ්ටියට මාර්ගයයි | අජාන් බ්‍රහ්ම් | 11-05- 2007
අපයෝජනයට සහ හිංසාවට ලක්වූ අයෙකුට සතුටින් ජීවත් විය හැකිද? තමන්ට අත්විඳීමට සිදු වූ දුක් වේදනා, ද්වේෂ, දොම්නස වැනි වේදනාකාරී සිතිවිලි වලට බැඳී ‘අසාධාරණයකට පත්වුවකුගේ’ මානසිකත්වයෙන් ජීවත් වීම, සදාතනික සිරගෙයක කොටු වීමක් වෙයි. අජාන් බ්රහ්ම් සමාජය, ශ්රී ලංකාව
බැඳීම් සහ අත් හැරීම |අජාන් බ්‍රහ්ම්|04-03- 2011
අජාන් බ්රහ්ම් පහදා දෙනවා අපේ ඥාතීන්, සබඳතා, අනන්යතා වැනි දෙයට බැඳීම් ඇති නොකොට භුක්ති විඳිය හැකි ආකාරය. බැඳීම් ඇති වෙන්නේ බිය මුල් කර ගෙනයි. අත් හැරීම සතුටට හේතු වෙයි. අජාන් බ්රහ්ම් සමාජය, ශ්රී ලංකාව
රහස | අජාන් බ්‍රහ්ම් | 30 දෙසැම්බර් 2007
අජාන් බ්රහ්ම් අපේක්ෂාවන් විග්රහ කරනවා. අපේක්ෂාවන් වෙනස් ස්වරූප වලින් පවතී ද? සමහර අපේක්ෂා ජීවිතයට වැදගත් ද? සෑම අපේක්ෂාවක්ම ‘නරකද’? අපේක්ෂාවන්ගේ ස්වරූපය, පවතිනා වෙනස් ආකාර හඳුනා ගනිමින් මේ මොහොතේ තුලනය කර ගන්නා ආකාරයත්, හානිකර අපේක්ෂා අත් හරිමින්, තමන්ටත් ලෝකයාටත් සෙතක් සලසන අපේක්ෂාවන් පවත්වා ගන්නා ආකාරයේ ‘රහස’ අජාන් බ්රහ්ම් එළිදරවු කරනවා. අජාන් බ්රහ්ම් සමාජය, ශ්රී ලංකාව
අජාන් බ්‍රහ්ම් පුනරුප්පත්තිය විස්තර කරනවා | ධර්ම කරුණු ලුහුඬින්
තමන්ටම ආවේනක වූ චරිත ලක්ෂණ, අවබෝධයන් ඇත්තේ ඇයිද යන්න විග්රහ කරමින් අජාන් බ්රහ්ම් අපේ චරිත ගොඩනැගෙන අත්දැකීම් වැනි කරුණු සහ පෙර භවයන් ආවර්ජනය වීම ගැන විස්තර කරනවා. “ඔබේ වත්මන් චරිතය ඔබේ පෙර භව වල චරිතයනට සම්බන්ධයි” අජාන් බ්රහ්ම් පවසනවා “ඔබ මෙලොව එළිය දකින්නේ ඉතිහාසයක් රැගෙනයි. අජාන් බ්රහ්ම් තෙරැන්වහන්සේගේ තවත් ධර්ම සාකච්චා මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න: https://bswa.org/teachers/ajahn-brahm/ අන් අයටත් ධර්මයෙන් යහපතක් සැලසීමට වීඩියෝව මිතුරන් සමඟ බෙදා ගන්න. Translator: අජාන් බ්රහ්ම් සමාජය, ශ්රී ලංකාව